Monday, July 22, 2019






අපි හිතුවෙ රැජින අපිට ඇරපු කාලේ ඉවරයි කියලා .ඒත් බලාපල්ලකෝ තාමත් ඒ ඇරිල්ල නවත්තල නෑනේ ..ඊයෙ පෙරෙදා දවසක අහු උනා කුනු ගොඩක් .ඒවත් නිකන් කුනු නෙමෙ ආයුබෝවන්…සුද්දා ජ්ෆ්ග පිහල එවන ඒවාලු ..උන්ගේ තුවාලෙ හෝදන කුනුලු …
සම්මුති නම් මොකෑ ඉතින් ගහලා තියෙන්නේ දශකයටත් කලින්  .දුක කියන්නේ කොල්ලනේ අපේ රටේ ජනාධිපති වෙන කිසිම රටකට නැතුව පරිසර ඇමති .අනේ ඉතින් ඉස්කෝලෙ යන පොඩි උන්ට උන් අවිත් පරිසර පදක්කම් එල්ලන්නේ උන් අරුන්ට හදන්න රටක් ඉතිරි කරල වගේ ..
 රටකට පාලකයෙක් කියන්නේ කොල්ලනේ   වාසනාව ගේන  මන්ජුසාවක් කියලයි  ඈත අතීතයේ අපේ උන්දලා කිවුවේ  .රාජා භවතු ධම්මිකෝ කියලයි බුද්ධ වචනයේත්  එන්නේ …ඒත් ඒකට අපේ රටේ ධම්මිකලා අපිට ඉතින් සදා සොත්ති තමයි.
වෙලා ජනපති බලි අරිනවා  
වෙන්න හදන ජනපති රටට අරිනවා

1989 අස්සන ගහන බේසල් සම්මුතිය අපේ රට පවතින තාක් වලංගුයි ආයුබෝවන්…ඒත් අපේ වුන් තමයි මිනිස්සු කියන්නේ උන් ඒකත් කඩලනෙ මේ ජහ ජරාව ගෙනත් තියෙන්නේ …

අනේ ඉතින් අපි රේගුවේ කියල පම්පෝරි ගහන මහ උන්දලට්ත් මේක අහුවෙලා තියෙන්නේ මේ ඉයේ පෙරේදනේ …එතකන් උන්ගේ දෙපරන්ද අස්සෙන් යනව උන්දල දන්නෙ නෑලු ..අනේ පවු පොඩි උන් අප්පා ..චක්ගුඩු ගහන්න දෙන්න තියෙන්නෙ …
මෙහෙම ගෙනාපු රැජිනගේ අසූචි දාලා තියෙන්නෙත් අපේ මේ පුංචි රටේ හදවත වගේ රැකගන්න ඕනේ කරන මුතුරාජවෙල පරිසර පද්ධතියටයි ආයුබෝවන්ඩ …හෙන ගහන්න ඔනෙ නේද මුන්ට ..

අනේ ඉතින් දැන් මේක ගෙනාපු මොකෙක් වත් නෑ අන්න ඒකයි අපේ රටේ උන් වෙනස් ජාතියක් කියල කියන්නේ …
වගුර උතුරනකොට අවට ගෙවල් වලට අර විසබීජ යනවා කොල්ලනේ …ඒකෙන් හැදෙන ලෙඩේ හොයන්න රැජිනගේ ඉස්පිරිතාලෙට යවලත් බැරි වෙයි ..

වෙලාවකට මේවා දකින්න මොකට ඉන්නවද කියලත් හිතෙනවා ආයුබෝවන්…
ඒත් ඉතින් මේක ඉන්න හිතෙන රටක්නෙ ඒ නිසා ඉන්නවා …

පනික්කියා

No comments:

Post a Comment