Friday, January 27, 2017

ඇරඹූම .....

 "සං"  - මනා ලෙසින් යනුවෙනුත් ,
"නි" - (නිපාතයකි) ඒකබද්ද වූ යන්නත් ,
"වේදනය" - හැඟීම් හා දැනීම් සමුදායක්  යන අදහසත් කැටි වූ ...
"මනා ලෙස ඒකාබද්ධ වූ හැගීම් හා දැනම් සමුදායක් "
 යන පදාර්ථ විග්‍රයෙන් යුතු "සන්නිවේදනය" ලොව එදා මෙදා තුරා වූ  ගමන් මගේ කේන්ද්‍රීය සාදකයකි .

අතීත මානවයගේ  විකාශනයේ සිට ප්‍රබල කාර්යභාරයක්  ඉටු කල සන්නිවේදනය නම් වූ මානව හිතවාදී දර්ශනය ලොව එතෙක් මෙතෙක් වු ගමන් මගේ ක්‍රියාකාරීම සාධකය යැයි කීම නිවැරිදිය . "පෘථිවියේ මානවයා බිහි වූයේ කිනම් මොහොතකද ?, ඒ මොහොතේම සන්නිවේදනයද ආරම්භ වූවා යැයි "යන්න විද්වත් මතයයි .විවිධ වූ විෂයන් ඔස්සේත් ,දාර්ශනික මත ඔස්සේත්  පෝෂණය වෙමින් , මානව ගමන් මගේ බහුමානිය සංකල්පයක් ලෙසින් ලෝක කතා බහට ලක් වූ මෙම  විෂය පථය වර්තමාන සිසු ප්‍රජාවගේ ගවේෂණාත්මක යොමුවක් වී හමාරය .
                                                                                              
                                                                                                         
වර්තමාන තාක්ෂණික ලොවට මනා හැඩගැස්මක් සහිතවත් ,රැකියා වෙළෙඳපොලට උචිත පුද්ගලයකු බිහි කිරීමේ  හැකියවක් සහිත වූත් ,ප්‍රායෝගික ක්‍රියාකාරකම් යන  සෑම අංශයන්  තුලින්  අන් විෂය පථයන්ට වඩා ඉහලින් සිටින්නාවු සන්නිවේදන විෂය සැබෑ ජීවියෙකු බිහි කිරීමේ ප්‍රබල උත්පාදන කාරකයෙකි .
                                                        
 එහෙවු වූ ප්‍රබලයෙක් පිළිබඳව කතිකාවකට ඇරඹෙන 
"සඳකඩපහන   " නම් වූ මාගේ Blog අඩවිය, ඔබට යම්තාක් දුරට  හෝ අත්වැලක් වේවි යැයි යන්න මාගේ ඒකායන බලාපොරොත්තුවයි .


Admin (පාලක),
තිලක් වනසිංහ
(ශිෂ්‍ය,)
කැළණිය විශ්වවිද්‍යාලය


3 comments:

  1. I think this blog is very useful and I wish you for your blog.

    ReplyDelete
  2. සෑහෙන්න වටිනව බ්‍රෝ ...දිගටම කරගෙන යන්න ..ජයෙන් ජය

    ReplyDelete