ගුවන් විදුලි වර්ධනය හා බැදුනු ශ්‍රි ලංකාවේ ගුවන් විදුලි කොමිෂන්


ශ්‍රී ලංකා ගුවන්විදුලි වර්ධනය පිලිබඳ විමසීමෙදී ,එක් නිර්නායකයක් ලෙසට ගුවන්විදුලි කොමිෂන් සභා හදුනා ගත හැකිය .එම කොමිෂන් මගින් කරන ලද නිර්දේශිත, කාලීන සමාජ පදනම නියෝජනය කරයි .එබැවින් ගුවන්විදුලි කොමිෂන් හා එහි නිර්දේශ ශ්‍රීලංකා ගුවන්විදුලියේ ගමන් මග මනා ලෙස පහදා ගැනීමට උපකාරී වේ .
කොමිෂන්.....
- කන්දයියා වෛද්‍යනාදන් කොමිෂම
- එන් .ඊ .වීරසූරිය කොමිෂම
- සරච්චන්ද්‍ර උපදේශක කමිටුව
- හුලුගල්ල කොමිෂම
- වී .සී.ජයසූරිය කොමිෂම
කන්දයියා වෛද්‍යනාදන් කොමිෂම
- 1940 ඔක්තෝබර් 28 වෙනිදා කන්දයියා වෛද්‍යනාදන් කොමිෂම පත් කරන ලදි .
- ප්‍රධානියා වූයේ aඅමාත්‍යසර් ජෝන් කොතලාවල මහතායි .
- සාමාජිකයන් 12 කි . එනම් ,
- මිල් ඉරල් බ්ලැක් මහත්මිය
- ඊ .ඒ .අබේසේකර මහතා
- එච් .එම් එම්. ගසාලි මහතා
- පී .ද .එස් කුලරත්න මහතා
- නඩේසන් මහතා
- ඊ .ප්‍රයිස් මහතා
- ඩබ්ලියු.ජේ.ප්‍රයිස් මහතා
- මාක්ස් ස්.රොක්වඩ් මහතා
- දේවාර් සූර්‍යසේන මහතා
- ඩබ්ලියු,ආර් .වොට්සන් මහතා
- එච් .ද.එස් .ගුණවර්ධන මහතා (ලේකම්)
- එස් .පරරාජසිංහ මහතා
1941 මැයි මාසයේ 16 වන දින කොමිසම සිය වාර්තාව ඉදිරිපත් කලහ .එහි ප්‍රධාන නිර්දේශ 07 කි
- ගුවන් විදුලිය වඩාත් ප්‍රගතිශීලි ක්‍රියා පිලිවෙතක් අනුගමනය කල යුතුය
- පවතින ට්‍රාන්ස්මීටර් ප්‍රමාණවත් නොවන බැවින් වෝට් 20 ට්‍රාන්ස්මීටර් සවි කල යුතුයි
- ගුවන්විදුලි මධ්‍යස්ථාන ස්තීර ගොඩනැගිලි වලට ගෙන ආ යුතුය
- වැඩසටහන් නිෂ්පාදනයන් සදහා අයෝජනය කරන මුදල් ප්‍රමානය වැඩි කල යුතුය
- වැඩසටහන් සැලසුම් කිරීමෙදී උපදෙස් දීමෙ අවශ්‍යතාව පැහැදිලිකරන කොමිසම බටහිර සිංහල,දෙමළ.සහා අධ්‍යාපන යන අංශ 04 සදහාම උපදේශක කමිටු අවශ්‍යතාව පැහැදිලි කලහ
- ප්‍රජාමූල ශ්‍රවන මධ්‍යස්ථාන ආරම්භ කිරීම හා පාසල් ගුවන්විදුලි කමිටු අවශ්‍යතාව
- කාලයට ඔබින අන්දමේ තැටිගත කිරීම් අවශ්‍යතාව
ගුවන්විදුලි වැඩසටහන් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධyානය යොමු කල මෙම කොමිසම තාක්ෂණික සහා වැඩසටහන් යන අංශ 02ක කෙරෙහිම අවධානය යොමු කරන්නකි
- 1942 පෙබරවාරි 02 දිනරාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් මෙම යෝජනාව පිලිගෙන තිබේ .
- මුලින්ම කර ඇත්තේ පාසල් ගුවන්විදුලි කමිටු පිහිටු වීමයි
- සෙසු යෝජනා 02 වන ලෝක යුද්ධය නිසා ක්‍රියාත්මක කිරිම කල් ගත විය
- උපදේශක කමිටු පත් කරන්නේ 1946 දීය
- සිංහල වැඩසටහන් කමිටුව ඊ .ඒ .අබේසේකර මහතගෙ sසභාපතීත් වයෙන් විය
- දෙමළ කමිටුව කනගරත්නම් මහතා යටතේ විය .
- ඉංග්‍රීසි වැඩසටහන් කමිටුව දොස්තර සෙටජි මහතා යටතේ විය
මෙම කමිටු ඔස්සේ ගුවන්විදුලි වැඩසටහන් ඉතා සාර්ථකව විය .
ශ්‍රීලංකා ගුවන්විදුලියේ ප්‍රධානියා වූයේ ජෝන් ලැප්සන් මහතායි .මේ කාලයේදී කොමිසමේ පරිදි ගුවන්විදුලියේ වැඩසටහන් වර්ධනය සදහා කමිටු10 ක් පත් කලහ .
01.සිංහල උපදේශක කමිටුව
02. දෙමළ" "
03.බටහිර " '
04.පාසැල් " "
05.ග්‍රාමීය කටයුතු " "
06.බෞද්ධ " "
07.හින්දු ' "
08.ක්‍රිස්තියානි " "
09.මුස්ලීම් " "
10.පොදු උපදේශක කමිටු යනාදියයි .
බොරැල්ල කොටා පාරේ තිබූ ගුවන්විදුලි ආයතනය වර්තමානයේ පවතින ටොරින්ටන් භූමියට ගෙන ආවේ මේ කාලයේදීයමය .(1951) ඒ වගේම මේ කාලයෙදී ගුවන්විදුලි පාසල් සේවය ආරම්භ විය .
- මෙම සෑම කමිටුවක්ම මසකට වරක් එක් වූ අතර ,කමිටු සභාපතිවරුන් හා අධ්‍යක්ෂ ජෙනරාල් අතර 02මසකට වරක් හමුව සිදු විය .
එන් .ඊ .වීරසූරිය කොමිසම.
1953 අප්‍රේල් මාසයේ 04 වන දින මෙම කොමිසම පත් කරන ලදි .ඒ වීරසූරිය මහතාගේ සභාපතීත්වය යටතේය .
සෙසු සාමජිකයන් ලෙස .
- කේ .එස් .අරුලානන්ද
- එස් .පරරාජසිංහ
- මාර්ටින් වික්‍රමසිංහ
- ඩී.බී.ඇහැලේපොළ
- දේවර් සූරියසේන
යනාදීන් විය .
මෙහි වාර්තාව ඉදිරිපත් වූයේ වසර 02 කට පසුවය .
කොමිසමේ නිර්දේශ:-
- ජාතික සේවා වැඩසටහන් වැඩි කිරීම
- ශිල්පීන් තෝරා ගැනීමේදී පක්ෂපාති නොවීම
- වැඩසටහන් මනා සැලැස්මෙන් යුතු වීම හා පෙරහුරුවකින් පසුව ප්‍රචාරයක් කිරීම
- ග්‍රාමීය සංගීතයට මුල් තැනක් දීම හා එය නංවාලීම
- ග්‍රාමීය ජනයාගෙ අවධානය දිනා ගැනීමට කටයුතු කිරීම
- ප්‍රාදේශිය පුවත් වලට වැඩි ඉඩක් දීම
- ගුවන්විදුලිය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව අතර මනා සහසම්බන්ධයpක් පවත්වාගැනීම
යනාදිය මෙහි නිර්දේශ විය .
- නිර්දේශ පරිදි ගුවන්විදුලි සංගීත අංශයක් ආරම්භ විය .
- 1955 කාලය වන විට ගුවන්විදුලි බලපත්‍රලාභී සංඛ්‍යාව 122860 ක් පමන වී තිබින .
හුළුගල්ල කොමිෂම
- 1965 ජූලි 31 වන දින එවකට සිටි අග්‍රාණ්ඩුකාරවරයා විසින් මෙම කොමිසම පත් කරන ලදි .
- පලමු සභාපතිවරයා වූයේ එච් .ඒ .ඩී .හුළුගල්ල මහතායි .
- සෙසු සාමාජිකයන් වූයේ ,
- හෙට්ටිමුල්ලේ වජිර බුද්ධි හිමි
- ඩී.බී .ඇහැලේපොළ
- එස් .රාජනායගම්
යන අයයි .
කමිටුවමාස 08කින් පසුව නිර්දේශ ඉදිරිපත් කලහ .එනම් ..,,
- දෙපාර්තමේන්තුවක් ලෙසට පවතින ය සංස්ථාවක් කිරිම
- ගුවන් විදුලිය සදහා ප්‍රතිපත්ති හා පරිපාලනය සදහා කමිටුවක් පත් කිරීම
- නවකයින් සේවයට බදවා ගැනීමේදී මනා පුහුනුවක් ලබා දීම
- මැදිරි පහසුකම් වර්ධනය කිරීම
- ශ්‍රවන පර්යේෂණ අංශයක් ඇරඹීම
- ශ්‍රාවකයන් අතර ගුවන් විදුලිය තව තවත් ප්‍රචලිත කිරීමට ගුවන්විදුලි යන්ත්‍ර වල මිල අඩු කර ලබා දීම
නිර්දේශයට අනූව 1966 මැයි 21 වන දින ගුවන්විදුලි සංස්ථාවක් කිරීමට අනුමැතිය ලබා දීම සිදු විය .ඒ අනූව 1966 නොවැම්බර් 15 වන දින අංක 37 පනත යටතේ ගුවන්විදුලිය "ගුවන් විදුලි සංස්ථාවක් " කරන ලදි .
වී .සී.ජයසූරිය කොමිෂම
- 1970 ඔක්තෝබර් 11වන දින පත් කරන ලද මෙම කොමිසමේ පලමු සභාපතිවරයා වූයේ වී .සී .ජයසූරිය මහතායි .
- සෙස්සන් ලෙස ,
- ඉවිලියන් ප්‍රනාන්දු
- එස් .එම් .ඩී .සිල්වා විය .
නිර්දේශ:-
- වෙළඳ සේවය හා ජාතික සේවය එකම ප්‍රධානියෙක් යටතට ගැනීම
- ප්‍රවෘත්ති අංශය ප්‍රතිසංවිධාන කිරීම
- සිංහල බෙරවාදන කණ්ඩායමක් සංගීත අංශයට ගැනීම
- පාසැල් අධ්‍යාපන වැඩසටහන් ප්‍රතිසංවිධාන කිරීම
- ගුවන් කාලය භාවිතා කිරීමෙදී ලාභය සාධකයක් නොකරගැනීම
- වෙළද සේවා සංගීත හා ගීත භාවිතය විවේචනයට භාජනය කරයි
මෙම කාලය වන විට තිබූ ආර්ථික ප්‍රතිපත්ති මත මෙම කොමිසම තීරන ගෙන තිබේ ,
- එවකට තිබූ සංවෘත ආර්ථික ප්‍රතිපත්ති තුළ ලාභ උපරිම කිරිමේ අවශ්‍යතාවක් ගුවන්විදුලියට නොවීය .
සරත්චන්ද්‍ර උපදේශක කමිටුව
- ගුවන්විදුලි කොමිසමක් නොවූවද 1960 සංගීත වැඩසටහන් වර්ධනය කල යුතු ආකාරය සලකා බැsලීම සඳහා පත් කර තිබේ .
- මෙම උපදේශක කමිටුවේ සැලසුම් කරුවන් ලෙස කටයුතු කරන ලද්දේ ආචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර හා ලයනල් එදිරිසිංහ ,එම් .පට්ටිආරච්චී යන අයයි .
ගුවන්විදුලි විදුලි සංගීතය බහුතර දෙනාගෙ ග්‍රහනයටh අසුවන්නක් බැවින් උසස් සංගීත ප්‍රචාkරය කල යුතු බව කමිටු nනිර්දේශය විය .
ගුවන්විදුලි මාධ්‍ය සම්භවය හා මාධ්‍ය විකාශනය -කමල් වලේබොඩ
කියවීම මිනිසා සම්පූර්න කරයි "
සැකසුම ;- තිලක් වනසිංහ (ශිෂ්‍ය)
ජන සන්නිවේදන විශේෂවේදී උපාධි පාඨමාලාව ..
ජන සන්නිවේදන අධ්‍යනාංශය
කැළණිය වි.විශ්වවිද්‍යාලය
අමතන්න :- 07101756167
Great work aaa
ReplyDeleteProud of u....
ReplyDeletethank you.its very important
ReplyDeletethank you.its very important
ReplyDeleteThank you
ReplyDeleteThanks Thilak .
ReplyDeleteඔබ මාගේ ලිපිවලින් යමක් ලබන්නේ නම් ,එය මා ලබන ඉහලම ප්රතිපෝෂනය වේ.
ReplyDeleteTnx thilak ela ela..
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබට 👍👌
ReplyDeleteThank you
ReplyDeleteyou
Godak sthuthi obata..great work..
ReplyDelete