Sunday, April 30, 2017





මැයි මාසය දුර තියාම දකිනකොට මතක් වෙන්නේ අප කාටත් මැයි පළමුවැනිදා යි ,ඒ වගේම ලෝක කම්කරු දිනය කියලත් පිරිසක් දන්නවා.
 රතු පාට ,කොළ පාට ,නිල් පාට ආදී පාට පාටට කොඩි දාගෙන බුරුතු පිටින් රට වටේ දියවු දියවු කිය කියා ,කම්කරුවන් යැයි කියාගන්නා පිරිසක් මැයි සමරන්නට පාරට බසියි ..වෙනදාට නැති කැක්කුමක් මූනෙන් විතරක් දෝරේ ගලාගෙන යන්න ඇරලා ,ගිරිය කඩාගෙන මයික්‍රපෝන ගිලගෙන ,එදාට විතරක් කෑ ගහනවා .වෙනදට මාර්ග නීති පවා සුනු විසුනු කරගෙන ,සීතල කරපු බේන්ස් එකෙ යන ,මිනිහෙක් මැරුනත් අවුව සැරයි නම් ,එලියට වත් නොඑන ,ජනතා පාලකයින් යැයි කියාගන්නා ,අපිම විසින් අපේම කතිරෙන් 
අපිටම  වල කපාගෙන උස්සලා තිබ්බ ඈයෝ ..  අන්න එදාට මහා අවුවේ ,දාඩිය පෙරාගෙන පරවල් දිගේ යන්න එනවා .හැබැයි තනියම නෙමේ 200ක් විතර ආරක්ෂක වළල්ලක් වටේට දාගෙන .
රටේ ප්‍රශ්නලූ ,..රට අරාජිකයිලූ ...
කිය කියා කුමක් හෝ ඒ ඒ  කාලෙට පවතින ආණ්ඩුවකට කෑ ගහනවා .අනේ ඒත් ඇත්තටම දහ දුක් විදින මොණරාගල පුංචිරාළලා ..,වන්නි හත්පත්තුවේ හීංබන්ඩලා ,කලු මැනිකලා ,දකුනේ ගාල්ලේ මාතර මහ මුහුදත් එක්ක හැප්පෙන ගිරිගෝරිස්ලා ,ඇග්නස් නෝනලා එදාට රූපවහිනිය ඉස්සරහට වෙලා මේ මහා ඔපෙරා ,නාටක  දිහා බලාගෙන එක කොනකින් හිනා වෙන ගමන් ,තවත් පැත්තකින් "අනේ මුන්ට හෙන ගහන්නෙ නෑනෙ මේ කොරන මුසාවට " කියල හිත යටින් දෙස් දෙවොල් තියන්නේ නැද්ද?

සැබෑවටම වැඩ කරන ජනතාව අද මැයි සමරනවාද ?
 අහෝ දුකකි ,මේ මහා නාඩගමට අහුවෙන අපේ gගම් වල ඉන්න ඈයෝ කලවම් කරපු සීල් අරක්කු බාගෙටයි සම්බා හාලෙන් ගහපු කහ බතටයි මාස ගනන් අයිස් යට කරනම් ගහපු කුකුල් මස් කෑල්ලටයි වහල් වෙලා ,නිකන් ගමට එන උන්ගේම බදු මුදලින් නඩත්තු වෙන ලංගම බසයේ ගොඩ වෙලා ,තමන්ට හෙන ගැහුවත් 
ලගට නොඑන දේශපාලුවෝ වෙනුවෙන් සාදු තිය තියා කොළඹට එන්නේ මැයි සමරන්නලු .....
අතට දෙන සීල් අරක්කු බාගෙ බීලා ,,බත් මුලේ තියෙන මස් කැබැල්ලෙන් කට ගැස්ම
සනසාගෙන ,මහා වැඩකරනා නයකයන්ගේ වන්නමට තාලෙට අත්පුඩි ගහලා ,හවස් වෙද්දී ආපහු නිවසට එනවා .අරුමෙක මහත නම් ,එදාට කුලියට මඩියට නොයෙන මේ අනුවන මිනිසුන් නිසා තම දරු පවුල දුක් විදින ජනතාවගේ දිනය දා සා ගින්නේය .රටේ පාලනය කල යුතු ,රට සංවර්ධනයට ගෙන යා යුතු ඈයෝ
අර වැඩ කරන ජනතාවගේ දවසේ  කරන්නේ...
එකිනෙකාට මඩ ගසාගෙන අවසානයේ තම තමන්ගේම රෙද්දේ සායම යවාගන්නා එක
නොවේද ? ?
එදාට අර පන අදින මිනිහට පේන්න වේදිකාව උඩ පොර කොටාගෙන ...ඒ
වේදිකාවෙම පිටි පස්සේ ඒ කුකුල්න්ම හොර ගල් සතුටෙන් අහුලන බව අනේ අපේ අප්පුහාමිලා දකින්නේ කවදාද????

1886 ඇමරිකාවේ හේමාකට් චතුරශ්‍රයේ ඉදිරිපිට කරන ලද වැඩ වර්ජනයේ දී කම්කරුවන්
තම අයිතිවාසිකම් දිනා ගත්හ .1926 සිට මෙරට කම්කරු නායක ඒ ,ඊ .ගුනසිංහ මහතාගේ නයකත්වයෙන් අරම්භ කල මෙරට මැයි රැලි වලින් මෙරට ඇත්තටම දුක්
විදින පීඩිතයා දිනා ගත්තේ මොනවාද ?????
මේවට උත්තර මැවෙන්නේ මිරිගුවක් වැනි අවකාශයක් නොවේද ?
අපි හිතමු ...
"සැබෑවටම මේ  මැයි ද සමරන්නේ ?"


අදහස ..
තිලක් වනසිංහ (ශිෂ්‍ය)
ජන සන්නිවේදන අධ්‍යනාංශය
කැළණිය විශ්ව විද්‍යාලය

9 comments:

  1. Aththa... Eth ape gam wala bahutharayak minissunta o/l wath pass nathi mathi amathikam thiyagena diyawannawe raja karana kapatinge kuhaka hith yata pasawana paliganeeme chethanawawath, thaman anunta wada kepee peniya yuthuyi kiyana chethanawawath penne ne thilak. Hema thenadima wage thawath kenekwa issarahin thiyagena thamange onea epakam pirimahaganna palakayo inna ratak meka. Anna a aththa ai samajayata denna one.

    ReplyDelete
  2. නියමයි...අැත්ත කතාව බන්...

    ReplyDelete
  3. Mewa kiyala wadak na. Minissunta eeye kaapu eka ada mathaka na

    ReplyDelete
  4. Mewa kiyala wadak na. Minissunta eeye kaapu eka ada mathaka na

    ReplyDelete
  5. එල මචන් , මට උබ වගෙ වචන ගලපලා මෙ විදියට ලියන්න බැ , ඒත් අපෙ හිත්වල තියෙන ඒ ප්‍රශ්නෙ උබ ලස්සනට අකුරු වලට ගලපලා , ඒත් කවදාවත් අපේ මිනිස්සුන්ට ඔය කියපු දෙ තෙරුම් ගන්න බැ ,එහෙම තෙරුම් ගන්න මොලයක් අපෙ රටෙ මිනිස්සුන්ට තිබුනන් අපෙ රට මෙ විදියෙ අසරන තත්වෙකට ඇද වැටෙන්නෙ නැ !

    ReplyDelete
  6. sarthaka adhasak bn....mewa notharana ayth enna nzaa tmi aula..godak aya thamnge wasiya panai hithanne

    ReplyDelete
  7. මැයි දිනය කියල අපි හැමදාම කරන්නෙ මොකක්ද ? අපි අපෙන්ම අහන්න ඕනි. එදාටවත් කම්කරුවාට නිදහසක් නැතිනම් ඒ සැබෑ කම්කරු දිනයක්ද ? දේශපාලකයින්ට සිය පිරිස් බලය ජනමාධ්‍ය ඔස්සේ සමාජයට පෙන්වීමට වෙන්වූ දිනයක් පමනක් ද කම්කරු දිනය ?

    ReplyDelete
    Replies
    1. Ow sir .mewata hethu sadakaka godai..weredda ape athemai..meka geburu සාකච්ඡාවක pera nimirhtha karagamu..

      Delete