Wednesday, July 10, 2019




කෙලවීමත් හරියට කෙලවෙනවා වගේ දෙයක් තමයි .”හිටපංකෝ උඹ මට කෙලෙවුවනේ නේද ?මාත් කෙලවන්නම්කෝ …” කියලා අනිත් එකාට කෙලවන්න යන ජාතියක් අපි ,අනේ ඉතින් අනිත් එකාට කෙලවන්න ගිහින් අන්තිමේදී කෙලවෙන්නේ තමන්ටම .ඕක තේරෙන දාට ඌට කෙලවිලා ඉවරයි .

48න් පස්සේ ඉදන් අපේ ජාතියත් ගියේ වටේ ඉන්න වුන්ට කෙලවන්න .හැබැයි අවුරුදු 70 කුත් ඉවරයි ,කෙලවිලා තියෙන්නේ උන්ට නෙමේ අපිට .(අපි කිවුවේ අපිට ,උන් කිවුවේ උන්ට )ඔහොම ඔහොම ගිහින් ඉතින් අපි තේරුම් අරන්ලු ඉන්නේ අපිට දැන් කෙලවිලා කියලා .

දැන් ඔය අල්ල පනල්ලේ අපේ උන් ලෑස්තිය උන්ට කෙලවන්නලු .ඕකත් ඉතින් ලබ්බේ තොවිලෙ වගේ තමයි .හැබැයි ලබ්බේ තොවිලේ හිටියේ එක කට්ටඩියයි ,මේකේ ගොඩයි .ඔක්කෝම ලෑස්ති වෙන්නේ ඔක්තෝබර් 26 නටපු දහඅට පාලියටයි ,21 වෙනිදා වැදුනු හූනියමයි ආපහු හරවලා යවන්නලු .නීකන් නෙමේ යක්කුත් එක්කම .

උන් ඉතින් කෙලවන්න හදන දහඅටසන්නියේඅපිඉතින් සන්නි 18 වගේ තමයි ..කොනක ඉදන් කෙලවන්නත් අපිම තමයි උන්ටත් ඕනේ .තාම ඉතින් කට්ටඩියෝ හැංගි හැංගි පිරුවඩ අදිනවා උන් උන්ට කෙලවගන්න..ඔය අස්සේ අපිත් උන්ට කෙලවන්න කියල බලන් ඉන්නවා .

වෙලාවකට මටත් හිතෙනව මේවා දැකල දැකල කෙලවගෙන කෙලවගෙන යන්ට .ඒත් අයුබෝංආයෙ හිතෙනවා ,කෙලවගන්න දිහා බලන් ඉන්න ,.මොකද අන්තිමේට අපිට කෙලවෙන එකනෙ කොහෙන් කොහෙන් හරි වෙන්නෙ  ….

සදකඩපහන බලන්න ආපු
පනික්කියා

1 comment:

  1. අතිශයෙන් කාලින ලිපියක්..

    ReplyDelete