Saturday, January 5, 2019

හුලවාලි ..












දාරා හූරී කන්දට හැමදාම ගෑටුවේ දඩයමක් කරල රැහේ ජීවත් කරන්න .හැබැයි වෙනම මස් ටිකක් විකුනල දාරා කාසි එකතු කලෙ සුභාගේ කරේ රිදී පොටක් පටලන්න..

කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා..
හූරී කදු පෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියේ සෙනෙහෙවන්ත නිසා
උබේ කරට රිදී පොටක් පලදින්නයි සුබා..

වංසක්කාර බිබිලෙ ඇත්තෝ එක්ක සුභා එකී පැටලුන දා
දාරා කෙටේරියෙන් ගහන්නේ දරාගන්න බැරි කමටම..
ලේ පෙරාගෙන ඉන්න බිබිලෙ ගැනවත් සුභ එකී කල දේ ගැනවත් නෙමෙ දුක හිතුනේ...
බිබිලෙ ඇත්තෝගේ ලේ ගලද්දී සුභා එකී දාරාට සාප තියන කොටයි..
කොයිතරම් රලු උවත් එවෙලෙ නම් දාරාගෙ හිත සසල උනා..දාරා කටවහගෙන යනව එතනින්

"සුභා එකී කාරී නෑ ගනින් ඔය වතුර කලගෙඩිය මෙහෙට අපි බිබිලෙ ඇත්තෝණ්ට සාත්තු කරමු"
අද එකාල නම්.......?
ආල වඩන අකුරු තුනේ තේරවිල්ල සකී..
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙක සකි
ආලෙ බිදුන දා කුමකට කදුලු බිංදු සකී..
ආල වඩන යන තේරුම  බෝසත්කම සකී

එතෙක් මෙතෙක් මා දුටු විදි එකම ආදරයේ නියම අරුත් කී සිනමා කෘතිය
හුලවාලි ..https://youtu.be/UGnQ2Lry8mo

2 comments:

  1. ආදරය පරාර්ථකාමී පරිත්‍යාගයක් මිසක් ආත්මාර්ථකාමී ඉල්ලීමක් නෙමෙයි

    ReplyDelete
  2. New Jersey Casino Launches With New Player Rewards and Loyalty
    New Jersey casino launched 사천 출장샵 with 안성 출장안마 new players last month 문경 출장샵 and features generous rewards and loyalty 부천 출장마사지 programs. The 김포 출장마사지 company's goal for the

    ReplyDelete